News Line| Off Air
Generic placeholder image

Sep
24

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට දින නියම කරයි.

1045 Views


ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට දින නියම කරයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා දින නියම කර ඇති බවයි.
එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර ඇත.
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ වන විට සිදුවන අතර එය සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වේ.
මැතිවරණ කොමිෂන් සභාව සදහන් කලේ තැපැල් ඡන්ද අයදුම් කිරිම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා සිය අයදුම්පත් සැප්තැම්බර් මස 30 වන දිනට හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත භාරදිය යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post