News Line| Off Air| Games
Generic placeholder image

Sep
24

තුන් නිවුන් දරුවන් රැකබලා ගැනීමට ජනපතිගෙන් සහයෝගයක්

581 Views


තුන් නිවුන් දරුවන් රැකබලා ගැනීමට ජනපතිගෙන් සහයෝගයක්

තුන් නිවුන් දරු සම්පතක සෙනෙහස උරුම වී ඇති එහෙත් එම දරුවන් හදා වඩා ගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටි මව් පිය යුවළ දෙපළක් වෙනුවෙන් සහන සළසමින් මුදල් පරිත්‍යාග සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරුණා.

කුඩා තුන් නිවුන් දරුවන් තිදෙනෙකුගේ මවක් වන වත්තල, හැදල ප්‍රදේශයේ පදිංචි මුදිතා ධනංජනී එදිරිවීර මහත්මිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් සහ
තුන් නිවුන් දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඉඹල්ගස්දෙණිය යටත්තාවල පදිංචි කේ.එම්. තුසිත මංගල රූපසිංහ මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 මුදල් පරිත්‍යාගයක් සිදුකිරීම ඒ අනුව ජනාධිපතිතුමා අතින් සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post