News Line| Off Air| Games
Generic placeholder image

Sep
24

පුද්ගල පරිහරණය සඳහා වාහන ආනයනය කල අයට සහන කාලයක්

733 Views


පුද්ගල පරිහරණය සඳහා වාහන ආනයනය කල අයට සහන කාලයක්

2015 සිට 2017 නොවැම්බර් මස දක්වා කාලපරිච්ඡේදය තුළ පුද්ගල පරිහරණය සඳහා ආනයනය කර එහෙත් මෙතෙක් නිශ්කාශනය කරගත නොහැකිව හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන අයිතිකරුවන් හට එම වාහන නිශ්කාශනය කිරීම සඳහා සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, තම පුද්ගලික පරිහරණය සඳහා තනි පුද්ගලයන් විසින් ආනයනය කිරීම සහ අදාළ ණයවර ලිපි ඔවුන්ගේ නමින් විවෘත කර ඇත්නම් සංශෝධිත බදු නොසලකා හරිමින් ණයවර ලිපි විවෘත කරන ලද අවස්ථාවේ පැවැති නිෂ්පාදන බද්ද ගෙවා එම වාහන නිශ්කාශනය කිරීමට අවසරය ලබා දෙන බව සදහන්.

එමෙන්ම, වාහන ආනයනය කරනු ලබන සමාගමක් හෝ නියෝජිත ආයතනයක් හරහා තමන් වෙනුවෙන් වාහනයක් ආනයනය කරන ලද බවට තහවුරු කළ හැකි පුද්ගලයන් හටද එම සහනය හිමිවෙනවා.

මේ යටතේ අදාළ වාහනය ආනයනය කිරීම සදහා ණයවර ලිපි විවෘත කළ අවස්ථාවේ පැවැති නිෂ්පාදන බද්ද පමණක් ගෙවා තම වාහන නිශ්කාශනය කර ගැනීම සඳහා වන අයදුම්පත්‍රය මහ භාණ්ඩාගාරයේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඔක්තෝබර් 31 වන දිනට පෙර යොමුකරන ලෙස ඉල්ලා සිටිනවා.

යෝජිත මෙම බදු සහන යටතේ ශ්‍රී ලංකා රේගුවෙන් නිශ්කාශනය කරනු ලබන සියලුම මෝටර් රථ රේගුවෙන් නිදහස් කළ දින සිට දින 30 ක් තුළ අදාළ වාහනය ආනයනය කරන ලද පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කිරීම අනිවාර්යයි.

රජය මගින් ලබාදී ඇති මෙම සහන පිළිබඳ වැඩි විස්තර, 2019 අගෝස්තු 08 වන දින අංක 2135/55 දරණ ගැසට් නිවේදනය මගින් සංශෝධිත පරිදි 2019 අප්‍රේල් 04 දින නිකුත් කරන ලද 2117/48 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post