News Line| Off Air
Generic placeholder image

Sep
24

මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනතාවට ඉල්ලීමක්

855 Views


මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනතාවට ඉල්ලීමක්

2018 ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුලත් කර ඇති මියගිය සහ විදෙස්ගත ඡන්ද දායකයින්ගේ තොරතුරු ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඉදිරි ජනාධිපතිවරණය සදහා 2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය යොදා ගැනෙණ අතර එහිදී ඡන්ද අවභාවිතය වැලැක්වීම සදහා මියගිය හා විදෙස්ගත ඡන්ද දායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව තම ගෘහයේ නම් ඇතුලත් ඡන්ද දායකයින් අතරින් ඔක්තෝබර් මස පළමුවනදා වනවිට මියගිය හෝ විදෙස්ගත ඡන්ද දායකයින් සිටින්නේ නම් ඒ පිළිබද තොරතුරු අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත දැනුම්දිය යුතු අතර ඔක්තෝබර් මස 5 වන දිනට පෙර අදාල තොරතුරු ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට දැනුම් දි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post