වැටුප් විෂමතා ගැටළුව මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළා.
දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස් කියා සිටියේ තම වැටුප් විෂමතා ගැටළුවට රජය විසඳුමක් ලබාදෙන තුරු අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන්, අධීක්ෂකවරුන් සහ රියදුරන් එක්වන බව සඳහන්.
එසේම අද පස්වරුවේ තැපැල් දුම්රිය ධාවනය කිරීමද අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දුම්රිය වෘත්තිය සමිති පැවසුවා.
කෙසේවෙතත් පස්වරුවේ ධාවනය වීමට නියමිත සියලූ කාර්යාල දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙනු ඇති.