අබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාව 14 වන දිනටත් අද ක‍්‍රියාත්මකයි. රණවිරුවන් දෙදෙනෙකු ඊයේ රාත‍්‍රියේ සිට අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කලා.
පසුගිය 11 වනදා මෙම විරෝධතාව ආරම්භ වුනේ තමන් මියගිය පසු භාර්යාව හෝ පවුලේ ඥාතියෙකුටද අදාළ විශ‍්‍රාම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින්. සියලූ ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය ඊයේ තීරණය කලා
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කලේ ඊයේ සිට ක‍්‍රියාත්මක පරිදි මෙය ලබා දෙන බවයි.
රණවිරුවන් විශ‍්‍රාම ගිය පසුව ද ඔවුන් අවසන් වරට ලැබූ වැටුපට සමාන විශ‍්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තෙක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ආබාධිත තත්ත්වයට පත්වූ යුධ හමුදා මේජර්වරයකුගේ මූලික වැටුප හා දීමනාව රුපියල් 97,205 ක්.