News Line| Off Air
Generic placeholder image

Sep
25

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් එකම වේදිකාවකට?

579 Views


ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් එකම වේදිකාවකට?

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවීමට සියලූ කටයුතු සූදානම් බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.
එම අපේක්ෂකයන් ලබන මස 05 වන දා සුගතදාස කි‍්‍රඩාංගනයට කැඳවන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ.
වැඩ සටහන සජීවීව විකාශය කිරීමට සැලසුම් කර තිබෙනවා. එදින ජනාධීපතිවරණ අපේක්ෂකයන් මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ආකාරය ගැන අපේක්ෂකයන්ගේ පොරොන්දු ලබා ගැනිමට ද අපේක්ෂිතයි.
ශී‍්‍ර ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ කිසිදු දිනක ජනාධිපති අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවිම මෙතෙක් සිදුවි නැහැ.


News Articles
Latest Videos
Most Popular Post