රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ දුම්රිය රියදුරන් ඇතුලූ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද ආරම්භ කිරීමට සැලසුම් කර තිබු වර්ජනය කල් දමා තිබෙනවා.
පවතින අයපහත් කාළගුණය හේතුවෙන් වර්ජනය කල් දැමු බවයි එහි ප‍්‍රකාශකයින් සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ.
වැටුප් ගැටලූව ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද පෙරවරු 8 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබුණා. ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය අදත් ක‍්‍රියාත්මකයි.
ඒ පරිපාලන සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ඉදිරිපත් කළ යෝජනාවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්
වෘත්තීය ක‍්‍රියාමාර්ග හේතුවෙන් ඊයේ දිවයින පුරා ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල / දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ඇතුලූ පරිපාලන කාර්යාල වල කටයුතු වලට බාධා එල්ල වුණා.
අද පෙරවරු 10 ට කොළඹදී රැුස්වන සංගමයේ මහා මණ්ඩල රැුස්වීමේදී වර්ජනය සම්බන්ධ ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතයි.