News Line| Off Air
Generic placeholder image

Sep
25

විශ්‍රාමික රණවිරුවන්ගේ ‍විශ්‍රාම වැටුප් ගැටලුවට ගෝඨාගෙන් පොරොන්දුවක්

701 Views


විශ්‍රාමික රණවිරුවන්ගේ ‍විශ්‍රාම වැටුප් ගැටලුවට ගෝඨාගෙන් පොරොන්දුවක්

විශ්‍රාමික රණවිරුවන්ගේ විශ්‍රම වැටුප් ගැටලුවට තමන්ගේ පාලනයක් යටතේ කඩිනමින් විසඳුම් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදේශගත සේවක පවුල්වල සාමාජික සාමාජිකවන්ගේ අනුසංවිධාන ජාතික සම්මේලනය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණා.

එම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙන අවස්ථාවේදී රණවිරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර මියගිය රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්ද එහිදී පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post