News Line| Off Air
Generic placeholder image

Sep
25

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවට

1094 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු ප්‍රකාශ සදහන් කළා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසින් දිනේෂ් චන්දිමාල් විසින් මෙලෙස කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වනු ඇති බවත් ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවී ඇති බවත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

යුධ හමුදාවට දිනේෂ් චන්දිමාල් සිය කැමැත්ත පළකර ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී ප්‍රකාශ කළ අතර ඒ අනුව දිනේෂ් චන්දිමාල් නුදුරේදීම යුධ හමුදා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post