News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

සජිත් පිළිගැනීමේ තවත් ජන රැළියක් අද

421 Views


සජිත් පිළිගැනීමේ තවත් ජන රැළියක් අද

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට යළි තමා සමග එක්ව කටයුතු කරන ලෙස නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලීමක් කර සිටිනවා.
ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ තිස්ස අත්තනායක මහතා පක්ෂය අසීරු අවස්ථාවල ශක්තියක් වු බවයි.
විවිධ මතවාද හේතුවෙන් පක්ෂය හැර ගිය සියලූ පළාත් සභා / පළාත් පාලන නියෝජිතයින් ඇතුලූ ක‍්‍රියාකාරීන්ටද පක්ෂය ජයග‍්‍රහණය කරවීමට එක්වන ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලීමක් කළා.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පිළිගැනීමේ 4 වන ජන රැළිය අද පැවැත්වෙනවා. පස්වරු 3 ට එය පැවැත්වෙන්නේ මතුගම මහජන ක‍්‍රීඩාංගණයේදීයි.
ඒ සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් ඇතුලූ පිරිසක් එක්වනු ඇති. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා අතර පක්ෂයේ මන්ත‍්‍රීකණ්ඩායම අතර හමුවක් ඊයේ රාත‍්‍රියේ පැවැත්වුණේ.
ඒ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදීයි. එහිදී ඉදිරි ංනාධිපත’ිවරණය සම්බන්ධයෙන් සාකච්ඡ වී තිබෙනවා.
කෙසේවෙතත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ කත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමකින් පසුව බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post