අද පාපැදි සවාරිය අද ඇඹිලිපිටියෙන් ආරම්භ වන අතර එය නිමාවට පත් වන්නේ ඇඹිලිපිටිය නගරයෙන්. SLT ස්පීඞ් අප් පාපැදි සවාරියේ පළමු අදියර ඊයේ දෙහිවල ගුවන් පාලම අසලින් ආරම්භ වුනා.
පානදුර රත්නපුර ඔස්සේ පැමිණ කිලෝ මීටර 159 යි දශම 4 ක් ගෙවා එය අවසන් වුනේ ඇඹිලිපිටිය ඔරලෝසු කණූව අසලින්. පළමු අදියරේ ජයග‍්‍රහණය හිමි කර ගැනීමට ශ‍්‍රි ලංකා නාවික හමුදා කණ්ඩායමේ සදුන් කුමාර සමත් වුණා.
දෙවන හා තුන්වන ස්ථාන හිමි කර ගත්තේ වරාය අධිකාරී කණ්ඩායමේ සුජිත් හසන්ත හා චමෝද් ද සිල්වායි. ස්පීඞ් අප් පාපැදි සවාරියේ සමස්ත දුර කිලෝමීටර 854 ක්.
රේසිං පිරිමි තරගයේ ජයග‍්‍රාහකයාට රුපියල් මිලියනයක් ද කාන්තා තරගයේ ශූරියට රුපියල් දෙලක්ෂ පනස්දහසක් ද කණිෂ්ඨ ඉසව්වේ ශූරයාට රුපියල් ලක්ෂයක මුදලක්ද ප‍්‍රදානය කෙරෙණු ඇති.
මේ අතර ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ රුසියාවට එරෙහිව පැවති තරගයෙන් ජය ගැනීමට සැමෝආ රාජ්‍ය සමත් වුණා. අද ෆීජී හා උරුගුවේ කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට නියමිතයි.