News Line| Off Air| Games
Generic placeholder image

Sep
26

ආපදාවෙන් ලක්ෂයකට පීඩා

452 Views


ආපදාවෙන් ලක්ෂයකට පීඩා

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ අඩු වීමක් අද සිට බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සවස් කාලයේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර / දකුණ සහ වයඹ පළාත් වල වැසි වාර කිිහිපයක් ඇති විය හැකියි. කළු ගගේ ජල මට්ටම මිල්ල කන්ද ප‍්‍රදේශයෙන් තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් කළු ගග දෙපස ජනතාව අවදානයෙන් පසුවිය යුතුයි.

දිස්ත‍්‍රික්ක 06 කට බලපා ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 92 543 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා තත්වයෙන් පවුල් 5 422 කට අයත් පුද්ගලයින් 22 559 දෙනෙකු රදවා ඇත්තේ ආරක්ෂිත මධ්‍යස්ථාන 41 කයි.

පුද්ගල මරණයක් වාර්තා වන අතර තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 06 ක්. නිවාස 27 ක් පුර්ණ වශයෙන් හානි වී තිබෙනවා.
තවත් නිවාස 812 කට අර්ධ හානි සිදුව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කලේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් ගාල්ල/ මාතර / කළුතර / කෑගල්ල සහ රත්නපුර යන දිස්ත‍්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක‍්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post