එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඒකමතිකව සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ පිළිබදව කෙරෙන අවසන් තීරණය අද පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කෘත්‍යධිකාරී මණ්ඩලය අතර පවතින සාකච්ඡාවකින් අනතුරුව සිදු කෙරෙන බව වාර්තා වෙනවා.