News Line| Off Air| Games
Generic placeholder image

Sep
26

රන් ආලේපිත මිනී පෙට්ටියක් යළි මව් රටට යැවීමට සූදානමක්

967 Views


රන් ආලේපිත මිනී පෙට්ටියක් යළි මව් රටට යැවීමට සූදානමක්

ඊජිප්තුවට අයත් වටිනා කෞතුක භාණ්ඩයක් යළි බාරදීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

මෙසේ යළි බාරදී ඇත්තේ රන් ආලේපිත දැවමය මිනී පෙට්ටියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊජිප්තුවේදී සොරාගැනුණු වටිනාකමින් ඉහළ පුරාවස්තුවක් යළි මව් රටට භාරදීමට අමෙරිකානු රජය තීරණය කර ඇති අතර නිව්යෝර්ක්හි පැවැති විශේෂ උත්සව අවස්ථාවකට එක්වූ මෑන්හැටන් දිස්ත්‍රික් නීතිපතිවරයා මේ බව නිවේදනය කර තිබෙනවා.

මෙසේ ආපසු ඊජිප්තුවට බාරදී ඇත්තේ 2011 වසරේ ඊජිප්තුවේ සිදුවූ සමාජ නැගී සිටීමේදී සොරා ගැණුනු රන් ආලේපිත නෙඩ්ජෙමාන්ක් නම් වූ පුරාවස්තුවක්.

ක්‍රිස්තු පූර්ව 150 හා 50 අතර කාලයට අයත් මේ පුරාවස්තුව ලීයෙන් සාදා රනින් ආලේප කළ මිනී පෙට්ටියක් බව සඳහන්.

එය සොරාගැනීමෙන් අනතුරුව 2017 වසරේදී අමෙරිකාවේ පැවැති වෙන්දේසියකින් කරළියට පැමිණ තිබෙනවා.

අමෙරිකාවේ නාගරික කලා කෞතුකාගාරය එය අමෙරිකානු ඩොලර් මිලියන 04ක මුදලකට මිලදීගෙන 2018 වසරේ පටන් එහි ප්‍රදර්ශනය සදහා තබා තිබූ බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post