News Line| Off Air| Games
Generic placeholder image

Sep
26

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වන බව මුතුහෙට්ටිගම කියයි

661 Views


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වන බව මුතුහෙට්ටිගම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ඉදිරි දිනකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කළා.

අද ගාල්ලේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසුවා.

“එක්සත් ජාතික පක්ෂයෙන් රනිල්, සජිත්, කරූ කවුරු ආවත් මූණ දෙන්න පුළුවන් අපේක්ෂකයා ගෝඨාභය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නැතුව ඔහුට දිනන්න බෑ කියලා අපි කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඇතුව, පූර්ණ කැපවීම ඇතුව ගෝඨාභය දිනවන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා.

පක්ෂයේ සභාපතිතුමාත්, මහලේකම්තුමාත් අනෙක් සියලු දෙනාගේ සාමුහික එකඟතාවයෙන් සඳුදා දවසේ මධ්‍යම කාරක සභාව තීන්දු කරලා තීරණයක් අරගෙන ඉදිරි සතිය තුළ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා එක්ක අපි ගිවිසුම් ගතවෙන්න නියමිතයි.”


News Articles
Latest Videos
Most Popular Post