වත්මන් රජයේ රාජ්‍ය ආයතනවල සිදුවූ බව කියන වංචා සහ දූෂණ පිළිබඳ සෙවීමට පත්කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී තිඛෙනවා.
2015 වසරේ ජනවාරි 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා කාලයට බලපැවැත්වෙන පරිදි මෙම කොමිසම සිය විමර්ශන සිදුකරනු ලැබුවා.
කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කල අතර විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන/ විශ්‍රාමික විගණකාධිපති පී.ඒ පේමතිලක/ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත් ආර් ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන විජය අමරසිංහ යන මහත්ම මහත්මීන් මෙහි කටයුතු සිදුකරනු ලැබුවා.