News Line| Off Air| Games
Generic placeholder image

Sep
28

මහින්ද,ගෝඨාභය සහ බැසිල් ජනපති සමග අද සාකච්ඡාවක්

1088 Views


මහින්ද,ගෝඨාභය සහ බැසිල් ජනපති සමග අද සාකච්ඡාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණයද අද සාකච්ඡාවේදී දැනුම් දීමට නියමිත බවයි.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ අවසන් තීරණය ලබන සඳුදා රැස් වන මධ්‍යම කාරක සභාවේදී ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඊයේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post