ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (30) දිනයේදී අපේක්ෂකයින් සිව්දෙනෙක් ඇප තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළා.
ඒ අනුව මේ දක්වා ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කරනු ලැබූ මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 13 ක් වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසනවා.
අද දිනයේදී නව සිහල උරුමය පක්ෂය වෙනුවෙන් සරත් මනමේන්ද්‍ර, ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන් රොහාන් පල්ලෙවත්ත, සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන් පානි විජේසිරිවර්ධන සහ නව සම සමාජ පක්ෂය වෙනුවෙන් බැද්දෙගමගේ නන්දමිත්‍ර යන අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 9ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 4දෙනෙකු ලෙස මුළු අපේක්ෂකයින් 13දෙනෙකු ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව සදහන්.