වාර්ෂිකව සිදුකෙරෙන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රයේ කටයුතු දින 100ක කාලයක් සඳහා වසා දැමෙන බව එම බලාගාරයේ පරිපාලන අංශ පවසනවා.
මේ නිසා මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලිබල සැපයුමට අහිමි වනු ඇති බව සදහන්.
කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ සෙසු ජනන යන්ත්‍ර දෙක තවදුරටත් ක්‍රියාත්මක වන බව එහි පරිපාලනය සඳහන් කළා.