News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ දැක්වීමට වප් පුර අටවක පොහොය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

1450 Views


අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ දැක්වීමට වප් පුර අටවක පොහොය  ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකාද්වීපයට බුදු දහම රැගෙන ආ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කළගුණ දැක්වීමක් වශයෙන් වප් පුර අටවක පොහො දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා. මේ අනුව සෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් වෙනවා.

ඊට සමගාමීව මිහින්තල පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටද කටයුතු කරන අතර ලබන 04 වැනිදා පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මිහිඳු මහ පෙරහර පැවැත්වීමටද කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙයට අමතරව ආගමික වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර තිබෙනවා.
අනුබුදු මිහිඳු මහරහතන් වහස්සේ පිරිනිවන් පා වදාලේ වප් පුර අටවක පොහෝ දිනයකයි.


News Articles
Latest Videos
Most Popular Post