News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

ජනපති සටනට තවත් අපේක්ෂකයින් සිව් දෙනෙක් ඇප බඳී

498 Views


ජනපති සටනට තවත් අපේක්ෂකයින් සිව් දෙනෙක් ඇප බඳී

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 13 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. රොහාන් පලලේවත්ත මහතා ඇප මුදල් තැන්පත් කළේ ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන්.
සරත් මනමේන්ද්‍ර මහතා සිහළ උරුමය පක්ෂය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළා. මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 9ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 4දෙනෙකු ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ කාල සීමාව පසුගිය 19 වනදා ආරම්භ වු අතර එම කටයුතු ලබන 06 වනදා දහවල් 12 00 ට අවසන් වනු ඇති.
තැපැල් ඡුන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 04 වනදා දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සිදුවූ අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
තැපැල් ඡුන්ද සඳහා මෙතෙක් අයදුම් නොකළ සියලූ දෙනා සිය අයදුම්පත් ලබන 04 වනදා මධ්‍යම රාත‍්‍රී 12 00 ට පෙර දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත භාර දිය යුතුයි. තැපැල් ඡන්ද විමසීම ලබන 30 සහ 31 වනදා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ජනාධිපතිවරණය ලබන මස 16 වනදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post