ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට ලබන සෙනසුරාදා දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත‍්‍රීයේ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන 05 වැනිදා රාත‍්‍රී 7.00 ට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමේ ගැටළුවක් නොමැති නමුත් පොහොට්ටුව ලකුණෙන් තරඟ කරන්නේ නම් සහය දීම ගැටළුවක් බව මධ්‍යම කාරක සභාවේ සභිකයින් වැඩි දෙනෙකු ප‍්‍රකාශ කර තිබෙනවා.
මේ අතර පොදුජන පෙරමුණ සමඟ එක්වන්නේ නම් අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පතක්ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළා.
එම කෙටුම්පත අද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත යැවීමට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.