News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

ලෝක ළමා දිනය අදයි

1157 Views


ලෝක ළමා දිනය අදයි

ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා.

සුමිතුරු දැයකින් දිනවමු දරුවන් යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි. ඒ වෙනුවෙන් ජාතික උත්සවය මාතලේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබෙනවා.
ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ එච්. එම්. අභයරත්න මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලෝක ළමා දින තේමාව වඩාත් අර්ථවත් කිරීමට නම් සමස්ත සමාජයම ඊට පෙළ ගැසියයුතු බවයි.
මේ අතර සියත එෆ් එම් සියත ටීවී ප‍්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධය ජාලය සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම් උත්සවය ලබන 05 වනදා දෙහිවල ජාතික සත්වෝඉානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එදින පෙරවරු 10 00 ට ආරම්භ වන වැඩසටහන දවස පුරා පැවැත්වීමට නියමිතයි. වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට එදින නොමිලයේ සත්ව උඉානය වෙත ඇතුළු වීමට අවස්ථාව ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post