News Line| Off Air
Generic placeholder image

Oct
1

සියලු සිද්ධස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි කාදිනල් හිමිගෙන් ජනපතිට දැනම් දීමක්

6729 Views


සියලු සිද්ධස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි කාදිනල් හිමිගෙන් ජනපතිට දැනම් දීමක්

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දේවස්ථාන හා විහාරස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි ලිඛිතව දැනුම් දීමක් කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා.

ඒ අනුව මීට අමතරව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා.

මේ පිලිබදව ජනපති වරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ අනුව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සියලුම තරාතිරම්වල සියලුම පොලිස් නිලධාරින්ට මේ පිලිබදව දැනුවත් කර ගත යුතු ආරක්ෂක වැඩ පිළිවෙලවල් පිලිබදව අවධානය යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post