News Line| Off Air| Games
Generic placeholder image

Oct
2

දිවයිනේ තැපැල් කාර්යාලවල අන්තර්ජාල පද්ධතිය අක්‍රීයයි

339 Views


දිවයිනේ තැපැල් කාර්යාලවල අන්තර්ජාල පද්ධතිය අක්‍රීයයි

දිවයිනේ තැපැල් කාර්යාලවල අන්තර්ජාල පද්ධතිය අක්‍රීයව පැවතීම හේතුවෙන් තැපැල් සේවා කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසනවා.

දින පහක සිට මෙම අන්තර්ජාල පද්ධතිය අක්‍රීයව පවතින බව එහි කැදවුම්කරු කේ.එම්.චින්තක බණ්ඩාර මහතා සදහන් කළා.

මේ හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 653ක හා උප තැපැල් කාර්යාල 3410ක පරිගණක පද්ධතිය හරහා සිදුවන සේවාවන්ට බාධා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් විසදුමක් ලබාදී නොමැති බවත්
ඉදිරි දින දෙක තුළ ගැටලුව සදහා විසඳුමක් ලබාදීමට බලධාරින් කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව කේ.එම්.චින්තක බණ්ඩාර මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post