ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15 000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ සදහා පරිපාලන රාජ්‍ය ආමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය හිමිව තිබෙනවා.
පසුගියදා පරිපාලන නිලධාරින්ද වෘත්තීය ක්‍රියාවලට මෙම වැටුප් විෂමතා මුල් කරගෙන යෙදුනු අතර ඒ අනුව රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා පත් කරන ලද ඇමති අනු කමිටුව ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය සමග කතිකා කිරීමෙන් අනතුරුව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා.