ලබන 7 වනදා සිට 11 වනදා දක්වා දිවයින පුරා පාසල්වල සිදුකිරීමට සැළසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
වැටුප් විෂමතා ගැටළු සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලය ලබාදුන් විසඳුම් පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන තුරු එම පියවර ගත් බව එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියා.