සහජීවන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙල බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තරික් අහමඞ් සාමිවරයාගේ පැසසුමට ලක්වී තිබෙනවා.
ඊයේ කොළඹ ජනාධිපති නිල නිවසේදී ඔහු ජනාධිපතිවරයා හමුව ඇති අතර එහිදී ගෝලීය තර්ජනයක් බවට පත්ව ඇති සියලූම ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ ඇති වැදගත්කමද සාමිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.