News Line| Off Air| Games
Generic placeholder image

Oct
3

ජනපති අපේක්ෂකයින් සහ මැකෝ අතර හයවනදා සාකච්ඡාවක්

503 Views


ජනපති අපේක්ෂකයින් සහ මැකෝ අතර හයවනදා සාකච්ඡාවක්

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරන අපේක්ෂකයන්ගේ නියෝජිතයන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අතර සාකච්ජාවක් මේ මස 06 වනදා පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ජාව සඳහා පොලිසියේ ජේ්‍යෂ්ඨ නිලධාරීන්ට ද එක්වන ලෙස දැනුම් දී තිබෙනවා.

මෙම සාකච්ජාවේදී නාම යෝජනා දින ආරක්ෂාව, මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණිය හැකි පක්ෂයක නියෝජිතයින් සංඛ්‍යාව සහ දැන්වීම් ප්‍රචාරය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතයි.

ජනාධිපතිවරණයට අදාලව ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය මේ මස 06 වනදා මධ්‍යහම 12ට අවසන් වන අතර ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම මේ මස 07 වනදා සිදු කෙරෙනවා.

නොවැම්බර් 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයන් 21 දෙනෙකු ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

අද දිනයේ ජන පෙරමුණ වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post