News Line| Off Air| Games
Generic placeholder image

Oct
4

එජාපයේ වෘත්තීය සමිති මහා සමුළුව අදයි

321 Views


එජාපයේ වෘත්තීය සමිති මහා සමුළුව අදයි

එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති මහා සම්මේලනය අද කැදවා තිබෙනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පස්වරු 1 ට එය ආරම්භ වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සියලූ වෘත්තීය සමිතිවල නියෝජිතයින් ඊට එක්වනු ඇති. මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත‍්‍රික් සහ ආසන සංවිධායකවරුන් ද අද කොළඹට කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, අද දහවල් කොටුව ජනාධිපති මන්දිරයේදී එම සාකච්ඡුාව පැවැත්වෙන බවයි.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂය විසින් ගත් විශේෂ තීන්දු තීරණ දැනුම් දීම සඳහා මෙම සාකච්ඡුාව පැවැත්වෙනු ඇති.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර හමුවක් ඊයේ රාත‍්‍රියේදී පැවැත්වුණා. ඊට සහභාගී වුයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන්.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සම්බන්ධයෙන් දැනට මතු වී ඇති ගැටලූ පිළිබඳව එකඟතාවක් ලබා ගැනීම මෙම සාකච්ඡුාවේ අරමුණ වී තිබුණා.

 


News Articles
Latest Videos
Most Popular Post