News Line| Off Air| Games
Generic placeholder image

Oct
7

පිරිමි අකමැති ගැහැණුන්ගේ රූප ලක්ෂණ

1783 Views


පිරිමි අකමැති ගැහැණුන්ගේ රූප ලක්ෂණ

කාන්තා ඔබ මේ ගැන සිතන්න

01. අමුතු තාලේ හිසකෙස් විලාසිතා
කාන්තාවන් හිස කෙස් විලාසිතා දාන්න දක්ෂයි. ඒත් ඔවුන් අනවශ්‍ය ලෙස ජෙල් ගාගෙන, කොන්ඩ කටු ගොඩක් ගහගෙන කරන විලාසිතා වලට පිරිමි එච්චර ප්‍රිය කරන්නේ නැහැ. ගොඩක් පිරිමින්ගේ ආකර්ෂණය අමුතු තාලේ හිස කෙස් වලට හිමි වන්නේ නැහැ. බහුතරයක් පිරිමින්ගේ ආකර්ෂණය හිමි වන්නේ ජෙල් අනවශ්‍ය ලෙස ආලේප නොකළ, කඩා හැලෙන සහ සිනිඳු කෙස් කළඹවල් වලටයි.

02. මේකප් වෙස්මුහුණු වලට
මේකප් එකක අරමුණ මුහුණක තිබෙන ලප, රැලි වැටීම් වැනි අඩුපාඩු වසා ගැනීමයි. මේ සඳහා කාන්තාව යොදන මේකප් එක සිහින් එකක් වුණාම හොඳටම ඇති. ඒත් ගොඩක් කාන්තාවන් තමන්ගේ මුහුණට අධික ලෙස මේකප් යොදනවා. ගොඩක් වෙලාවට සැලුන් වලින් පවා මේ වරද සිදු කරනවා. ඔවුනුත් තමන්ගේ පාරිභෝගිකයන්ගේ මුහුණු වලට හඳුනා ගන්න බැරි වෙන තරමට මේකප් දානවා. මේ ලක්ෂණයට බහුතරයක් පිරිමි අකමැතියි.

03. ගල් වුණු ඇහි පිහාටු
කාන්තාවන් පුරුදු වෙලා ඉන්නවා ඇහි පිහාටු වල මස්කාරා ගල්වන්න. එය ඇසට අලංකාරයක් ගෙන දෙනවා. නමුත් පමණ ඉක්මවා මස්කාරා ගැලවීම නිසා ඇස් පිහාටු එකට ඇලී ගල් වෙනවා. ඇස් දෙපසින් කළු වර්ණය පෙනෙනවා. මෙය පිරිමින්ගේ නෙත් වලට ප්‍රිය දසුනක් වන්නේ නැහැ. මේ නිසා පැල්ලම් ඇති නොවෙන, ඉක්මනින් වේලෙන හා ගුණාත්මක බැවින් වැඩි මස්කාරා එකක් නිතරම තෝරා ගැනීමට උත්සාහ කරන්න. මස්කාරා ගැල්වීමෙන් පසුව වැඩියෙන් තැවරුණු මස්කාරා ඉවත් කිරීමට බ්‍රෂ් එකක් භාවිතා කරන්න.

04. දිලිසෙන මුහුණ
මේකප් ගැලවීමේදී ඇතැම් කාන්තාවන් මුහුණේ දිලිසෙන මේකප් ආලේප කරගෙන සිටිනවා ඔබ දැක ඇති. සමහරු තමන්ගේ ඇහි පිය මත ගල්වන්නේ දිලිසෙන මේකප්. පිරිමින් මේ දිලිසෙන මේකප් තවරා ගත් කාන්තා මුහුණු වලට ප්‍රිය නැහැ.

05. කහ පැහැ වුණු දත්
කහ පාට දත් ඇති, මුවෙන් දුඟද හමන අයෙකුට කිසිවෙකුත් ප්‍රිය නොවන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ ගැටලුවෙන් මිදීම සඳහා ඔබ දත් සුදු කරන දන්තාලේප, මුව දුඟද නසන මවුත් වොෂ් හෝ ලොසින්ජර වර්ග භාවිතයට ගන්න. නිතරම කෝපි පානය කිරීමෙන්, මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හා දුම්වැටි පානයෙන් වැළකීමෙන් දත් සුදු කර ගත හැකියි.

06. සිරුර ගැන ඇති නොසැලකිල්ල
ඇතැම් කාන්තාවන් වයස් ගත වීමත් සමඟ තමන්ගේ සිරුර ගැන උනන්දු වීමේ ප්‍රමාණය අඩු කරනවා. අපිරිසිඳු සහ අපිළිවෙල නියපොතු, ලෝම පිරුණු දෙපා සහිත කාන්තාවන්ට පිරිමි ආකර්ෂණය වෙනවා හරිම අඩුයි. මේ වගේ අඩුපාඩු ලස්සන ඇඳුම් වලින් හෝ මේකප් වලින් වහන්න බැහැ.

07. වේලුනු හෝ තෙල් සහිත සම
ඔබ නොසිතුවාට පිරිමින් ඔබේ වේලී පැළුණු දෙපා, තෙල් සහිත මුහුණ හෝ පතුරු ගැලවුණු සම වෙත ඔවුන්ගේ අවධානය යොමු කරනවා. මේ නිසා ඔබේ සමේ ඇති ගැටළු ගැන ඔබේ අවධානය යොමු කර ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම යොදන්න.

08. ප්‍රසිද්ධියේ හැඩ වීම
සමහර කාන්තාවන් ප්‍රසිද්ධියේ මේකප් දැමීම, තොල් ආලේපන ගැලවීම, කොණ්ඩය පීරීම වැනි ක්‍රියා වල නිරත වෙනවා. මේවා ගැන පිරිමින් උනන්දු නැහැ. ඒ වගේම ඔවුන් මේ හැසිරීමට එතරම් ප්‍රිය කරන්නෙත් නැහැ.

09. කළු පැහැති දෙතොල්
තොල් ආලේපන වලින් කළ යුත්තේ ඔබේ දෙතොල් වල සුන්දරත්වය වැඩි කිරීමයි. ඇතැම් කාන්තාවන් හුරු වෙලා ඉන්නවා අඳුරු පැහැ තොල් ආලේපන ගල්වන්න. ගොඩක් වෙලාවට අඳුරු පැහැ ඇඳුම් ඇඳීමේදී ඒ වර්ණයෙන්ම තොල් ආලේපන ගල්වන්නට හුරු වූ කාන්තාවන් ඉන්නවා. මේ ලක්ෂණයටත් බහුතරයක් පිරිමින් කැමති නැහැ.

10. අධික ලෙස සුවඳ විලවුන් ගැල්වීම
සුවඳ විලවුන් ගත සුවඳ කර ගැනීමට උපකාරී වුවත් එය ගැල්විය යුතු නිසි ප්‍රමාණයක් තිබෙනවා. අධිකව සුවඳ විලවුන් ගැල්වූ විට එය එතරම් අන් අයට ප්‍රිය වන්නේ නැහැ. මේ නිසා සුවඳ විලවුන් ස්වල්පයක් බෙල්ලට, අතේ මැණික් කටුවට සහ කන් දෙකේ පිටු පසට ස්ප්‍රේ කර ගැනීමෙන් නවතින්න.

 

උපුටා ගැනීම – මුහුණු පොතෙන්


News Articles
Latest Videos
Most Popular Post