නාම යෝජනා භාරදුන් අද දිනයේ සිට ජනාධිපතිවරණය පවත්වා අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.
එවැනි පෙළපාලි නැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝගත කර අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බව එම කොමිසම සඳහන් කළ අතර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ යුතු වන්නේද පොලීසියේ අවසර ඇතිව බව මැතිවරණ කොමිසම සදහන් කළා.