News Line| Off Air| Games
Generic placeholder image

Oct
8

දුම්රිය පස්වරුවේ යළි යථා තත්වයට පත්වන ලකුණු

365 Views


දුම්රිය පස්වරුවේ යළි යථා තත්වයට පත්වන ලකුණු

දුම්රිය වෘත්තීය සමිති ක‍්‍රියාත්මක කල වැඩ වර්ජනය අවසන් කලද මෙතෙක් දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරීමට නොහැකිවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
වර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති සාමාජිකයින් මෙතෙක් සේවයට වාර්තා කර නොමැතිවීම ඊට හේතුව බවයි දුම්රිය සාමාන්‍යාධීකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ.
දුම්රිය වෘත්තීය සංගම් දින 12 ක් අඛණ්ඩව ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ පස්වරුවේ අවසන් කළා.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමග පැවති සාකච්ඡුාවකින් අනතුරුව වැඩ වර්ජනය අවසන් කිිරීමට තීරණය කළ බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.
දුම්රිය රියදුරන් / නියාමකවරුන් / ස්ථානාධිපතිවරුන් / දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිළධාරීන් සහ දුම්රිය පාලකවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයන් ආරම්භ කළේ පසුගිය මස 25 වනදා සිටයි.
ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින වැටුප් සහ ශ්‍රේණි විෂමතා සදහා කඩිනම් විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලමින්.
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමින් පසුගිය 03 වනදා රාත‍්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කළා.


News Articles
Latest Videos
Most Popular Post