News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනාගේ මරණයට හේතුව හෙළිවේ

1128 Views


අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනාගේ මරණයට හේතුව හෙළිවේ

හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ දී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනාගේ මරණ වලට හේතුව විෂ ශරීරගත වීමක් බව සොයා ගෙන තිබෙනවා. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ ශරීරගත වු විෂ වර්ගය නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී අමාත්‍යංශය පත්කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් මේ බව අනාවරණය වී තිබෙනවා. එම කමිටු වාර්තාව පසුගිය සදුදා තමන් වෙත ලැබුණු බවයි වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළේ.

හිරිවඩුන්න රක්ෂිතයේ දී අභිරහස් ලෙස ඇතින්නියන් හත් දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පසුගිය 28 වනදා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළා.


News Articles
Latest Videos
Most Popular Post