ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අසත්‍ය හා තහවුරු නොකළ කරුණු ඇතුලත් ලිපියක් යොමු කිරීම සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේයි.
පසුගිය 2 වනදා කොටුව පොලිස් ස්ථානාධිපති ලෙසට අත්සන් තබා කොළඹ හෝටල් කිහිපයකට ලිපියක් යොමුකර තිබුණා.
ඒ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයෙන් විශේෂ විමර්ශනයක් ක‍්‍රියාත්මකයි.
විමර්ශනයේදී අනාවරණ වු කරුණු මත මෙම පොලිස් නිළධාරීන්ගේ වැඩ තහනම් කර තිබෙනවා. මේ අතර කොළඹ ජම්පටා වීදියේ ඊයේ රාත‍්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබෙනවා.
බරපතල තුවාල ලැබු අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මියගොස් ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක්.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසියෙන් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.