News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

ගජමුතු ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

703 Views


ගජමුතු ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (8) අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ගිණිකොන නාවික විධානය සහ කල්මුණේ, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය එක්ව අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු 03 ක් සමඟ මෙම සැකකරුවන් ‍තිදෙනා අත්අඩංගුවට ගත් බව සදහන්.

එහිදී, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම ගජමුතු නීතිවිරෝධී ලෙස අලෙවි කිරිමට සුදානම්කර තිබූ බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර, මෙම සැකකරුවන් මෙම ජාවාරමේ නිරතවන පුද්ගලයින් බව හඳුනාගෙන තිබෙනවා.

එම සැකකරුවන් අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 39 වන වියෙහි පසුවන පුද්ගලයින් වන අතර, සැකකරුවන් සහ ගජමුතු ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්මුණේ, පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post