News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

ඩයනා කුමරියගේ රුවට සමාන සුරූපී තරුණිය

1264 Views


ඩයනා කුමරියගේ රුවට සමාන සුරූපී තරුණිය

බ්‍රිතාන්‍ය රජ පවුලේ එක සාමාජිකාවක් වූ ඩයනා කුමරිය “වේල්සයේ රෝස කුසුම” නැතිනම් තම සුන්දරත්වයෙන් ලොවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුරූපී යුවතියක්. ඇය ගැන ලෝකය පුර නිරන්තරයෙන්ම කතා කරන්නට පටන් ගත්තා සේම ලොවක් හඬවමින් සිදුවූ ඇයගේ මරණය පිලිබදවද ලෝකයේ දැඩි අවධානයක් යොමු වුණා.

තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක පැරිස් නගරයේ උමං මාර්ගයක ගමන් ගනිමින් ඉද්දී සිදුවුණු අභිරහස් රිය අනතුර ගැන ගොඩක් දෙනා නොයෙක් මත පලකළ අතර ඇය ජීවත්ව සිටි කාලය ඇතුළත ප්‍රශ්න ගොඩකට ඇයට මුහුණ දෙන්න වුණු බව ලෝකය පුරා නොයෙක් මත පල වුණා.

එංගලන්තයේ පමනක් නොව මුළු ලෝකයේම අවධානය දිනාගත් සුප්‍රසිද්ධ කාන්තාවක් වුණ ඇය ගැනද සදහන් වෙමින් මේ දිනවල අපූරු පුවතක් වාර්තා වෙලා තිබෙනවා. එනම් ඇයගේ පෙනුමට ඉතාමත්ම සමාන පෙනුමකින් යුත් කාන්තාවක් පිලිබදව විදෙස් මාධ්‍ය සදහන් කර තිබීමයි.

නමින් Emma Corrin වන ඇය ඩයනා කුමරියට සමාන පෙනුමකින් මෙන්ම ඇගේ විලාසිතා වලටද ඉතාමත්ම සමාන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. කෙසේවෙතත් ඇයගේ මනරම් ඡායාරූප අන්තර්ජාලයේ පල වීමත් සමඟ ලෝකය අවධානය නැවතත් ඩයනා කුමරිය දෙසට හැරී ඇති බව වැඩිදුරටත් අනාවරණය කරනවා.

Emma Corrin ගේ අන්තර්ජාලයේ පල වුනු අපූරු ඡායාරූප කිහිපයක් පහතින්


News Articles
Latest Videos
Most Popular Post