News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

මුලතිව් ප්‍රදේශයේ කැලෑවකින් යුද උපකරණ රැසක් හමුවෙයි

393 Views


මුලතිව් ප්‍රදේශයේ කැලෑවකින් යුද උපකරණ රැසක් හමුවෙයි

මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ කැලෑවක යුද සමයේදී වළ දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් ඊයේ (08) දින මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මුලතිව්, පොලිස් විශේෂකා‍ර්ය බලකා සෙබළුන් විසින් අලම්පිල්, කොහොඹගස් හන්දිය ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකදී සිදුකළ සොදිසියකදී අදාළ බෝම්බ සහ පතොරම් තොගය මෙලෙස සොයා ගත් බව සදහන්.

එසේ සොයාගත් දෑ අතර මිලිමිටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බ 04 ක්, මිලිමීටර් 7.62 x වර්ගයේ පතුරම් 357 ක්, අත්බෝම්බ 03 ක් සහ ටී 56 අවි සඳහා භාවිතා කරනු ලබන මැගසින් 01 ක් මෙහිදී හමුවී තිබෙනවා.

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ යුද උපකරණ තොගය වළදමන්නට ඇති බවට සැක පළ කෙරෙන අතර මුලතිව් අධිකරණ නියෝගයකට අනුව සොයාගත් බෝම්බ නිශ්ක්‍රීය කිරිමට මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් පියවර ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post