News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

ලසිත් මාලිංග ඇතුළුව තවත් කී‍්‍රඩකයින් තිදෙනෙකුට සංචිතයට සහභාගි විය හැකියි

1250 Views


ලසිත් මාලිංග ඇතුළුව තවත් කී‍්‍රඩකයින් තිදෙනෙකුට සංචිතයට සහභාගි විය හැකියි

ලසිත් මාලිංග ඇතුළුව තවත් කී‍්‍රඩකයින් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට පමණක් ශ‍්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට එක්වීමට අවස්ථාව ඇති බව කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සදහන් කළා.

ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිළේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

පාකිස්තානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසන්ත ද මෙල් මේ බව කියා සිටි අතර පාකිස්තාන කණ්ඩායමට එරෙහිව නිමාවූ 20 යි 20 තරග දෙකේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් දැක්වූ දක්ෂතා පිළිබඳ තමන් අතිශය සතුටුවන බව අසන්ත ද මෙල් මෙහිදී කියා සිටියා.

ශ‍්‍රී ලංකා – පාකිස්තාන 03 වන සහ අවසන් පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගනයේදී අද (09) රාතී‍්‍ර 07.00 ට ආරම්භ වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post