News Line| Off Air| Games
Generic placeholder image

Oct
9

වෙනස්කම් පහක් සහිතව ශී‍්‍ර ලංකාව අද තරග බිමට

556 Views


වෙනස්කම් පහක් සහිතව ශී‍්‍ර ලංකාව අද තරග බිමට

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය තව සුලු මොහොතකින් ලාහෝර් කී‍්‍රඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

කාසියේ වාසිය ජයග‍්‍රහණය කළ දසුන් ශානක අද දවසේද මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගත්තා.

අද දිනයේ ශී‍්‍ර ලංකා සංචිතයේ වෙනස්කම් 05 ක් සිදුව තිබෙනවා.

ඒ අනුව මිනෝද් භානුක, අවිශ්ක ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප් අද තරගයට සහභාගි වන්නේ නැහැ.

ඒ වෙනුවට අද දිනයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ සදීර සමරවික‍්‍රම, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප‍්‍රනාන්දු, ලහිරු මධුසංක සහ ලහිරු කුමාරයි.

මේ වන විට සමස්ථ තරගාවලිය ජයග‍්‍රහණය කර ඇති ශී‍්‍ර ලංකාව අද තරගයත් ජයගතහොත් පූර්ණ 20 යි 20 තරගාවලි ජයක් පාකිස්ථානයේදී අත්පත් කරගනු ලබන්නේ ප‍්‍රථම වතාවටයි.


News Articles
Latest Videos
Most Popular Post