News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

හේමසිරි සහ පූජිත් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

634 Views


හේමසිරි සහ පූජිත් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාට ඇප ලබාදෙමින් මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දී තිබූ ඇප නියෝගය කොළඹ මහාධිකරණය නිෂ්ප්‍රභ කිරීමත් සමඟ මෙම නියෝගය ලබා දී ඇති බව සදහන්.

එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධිත අයදුම්පත සම්බන්ධයෙන් වන තීන්දුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අධිකරණය තුලදී සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් භාරයට ගෙන තිබූ අතර, ඉන් අනතුරුව ඔවුන් මෙලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post