News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ඇප කොන්දේසි කඩ කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිමාන්ඩ්

568 Views


ඇප කොන්දේසි කඩ කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිමාන්ඩ්

නිවසේ තිබී ගිනිඅවි හමුවීමේ සිද්ධියට අදාළ නඩුවකට ඇප ලබා සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර අබේසේකර ලබන 17 වැනිදා වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරිය අද නියෝග කළා.ඒ නඩුවට අදාළ ඇප කොන්දේසි ඔහු කඩ කල බවට ඔප්පු වීම හේතුවෙන්ය.

එනම් එම නඩුවට අදාලව ඔහු ඇප ලබා සිටියේ හලාවත පොලිසියේ ඔහුට පෙනී සිටින ලෙස නියෝග කරමින්ය. නමුත් ඒ මහතා අවස්ථා දෙකකදී පොලිසියට පෙනී නොසිටීම හේතුවෙන් ඒ බව අද හලාවත පොලිසිය අධිකරණයට වාර්තා කර සිටිමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණය නියෝග කලේ.


News Articles
Latest Videos
Most Popular Post