News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

පොරොන්දු කඩ කළ නගරාධිපති බිම දිගේ ඇදගෙන යයි

649 Views


පොරොන්දු කඩ කළ නගරාධිපති බිම දිගේ ඇදගෙන යයි

සිය නගරාධිපතිවරයා වාහනයක ගැටගසා බිම දිගේ ඇදගෙන ගිය පිරිසක් පිළිබඳව මෙක්සිකෝවෙන් තොරතුරු වාර්තා වනවා.

මාර්ග පිළිසකරකර දෙන බවට වූ පොරොන්දුවක් නගරාධිපතිවරයා ඉටුනොකිරීම හේතුවෙන් ඔවුන් මෙලෙස කටයුතු කර ඇති අතර මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ නගරයක නගරාධිපතිවරයා වාහනයක ගැටගසා බිමදිගේ ඇදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

සිදුවීමෙන් නගරාධිපතිවරයා සුළු තුවාල ලබා ඇති බව සදහන්.

මැතිවරණ පොරොන්දු ඉටුනොකිරීම හේතුවෙන් මෙම නගරාධිපතිවරයාට මීට පෙරද ගොවීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් එකොළොස්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීමෙන් පසුව ප්‍රදේශයේ ආරක්ෂාවට අතිරේක පොලිස් නිලධාරීන්ද යොදවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post