රටවල් 126 ක දළ දේශීය නිෂ්පාදිත සලකා බලමින් ෆෝකස් ඉකොනොමික්ස් නම් ආර්ථික විශ්ලේෂක ආයතනයක් ලොව දුප්පත් රටවල්වල නවතම වාර්තාවක් එළිදක්වා තිබෙනවා.
මෙම ලැයිස්තුවට අනුව දුප්පත්ම රටවල් අතර පළමු ස්ථානය හිමිව ඇත්තේ කොංගෝ ජනරජයටයි. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මොසැම්බික් රාජ්‍යය හා උගන්ඩා රාජ්‍යය ලෙස නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට ලොව දුප්පත්ම රටවල් අතර හිමිව ඇත්තේ 36 වන ස්ථානයයි. ෆෝකස් ඉකොනොමික්ස් ආර්ථික විශ්ලේෂක ආයතනය 2017 වසරේදී එළිදැක්වූ ලොව දුප්පත් රටවල් ලැයිස්තුවේදී ද ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 36 වන ස්ථානයම වීම විශේෂත්වයක්.
ඉන්දියාව හා පකිස්තානය පිළිවළින් එම ලැයිස්තුවේ 19 වන හා 12 වන ස්ථානයේ පසුවන අතර අමෙරිකාව එම ලැයිස්තුවේ 121 වන ස්ථානයේ පසුවන බවත් රුසියාව එහි 71 වන ස්ථානයේත්, චීනය එහි 69 වන ස්ථානයේත් පසුවන බව සදහන්.