News Line| Off Air
Generic placeholder image

Oct
11

කාබන් බදු අයකිරීම වෙනස් වෙයි

996 Views


කාබන් බදු අයකිරීම වෙනස් වෙයි

කාබන් බදු අය කිරීමේ පදනම වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිශ්චිතව දක්වන ආකාරයකට සහ අනුපාතයකට ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ද අය කිරීමට හැකිවන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකිරීමට නියමිත බව සදහන්.

වාහනයේ ප්‍රථම ලියාපදිංචියේ සිට ගත වූ කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව අදාළ බදු බැඳියාව මෙතෙක් තීරණය කෙරුණ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එය ක්‍රියාත්මක කිරීමේ අසීරුතා සහ තවත් ගැටළු කිහිපයක් පිළිබඳ සලකා බලා එය වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post