News Line| Off Air| Games
Generic placeholder image

Oct
12

ලබන මස 05 වනදා සිට ඩෙංගු සතියක්

472 Views


ලබන මස 05 වනදා සිට ඩෙංගු සතියක්

ලබන මස 05 වනදා සිට ඩෙංගු සතියක් ප‍්‍රකාශට පත් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ එම සතිය තුළ දීප ව්‍යාප්තව ඩෙංගු මර්දන වැටසටහන් සංවිධානය කරන බවයි.

වසරේ ගතවූ මාස 09 ක කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 77 දෙනෙකු මියගොස් තිබෙනවා. වාර්තාවී ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 53, 689 ක්.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පලාතෙන්. එම පලාතෙන් හඳුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගින් ගණන 25, 312 ක්.

ඔක්තෝබර් මාසයේ ගතවූ දින 12 තුළ ඩෙංගු රෝගීන් 2 069 දෙනෙකු වාර්තාවී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post