News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

656 Views


හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පානදුර මහාධිකරණය මඟින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

පසුගිය මස 22 වන දින පානදුර දකුණ පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 570ක් පොලිස් භාරයට ගත් බව සදහන්.

සිදුකරන ලද දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකරු වරදකරු කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ පානදුර, කෝවිල ගොඩනැගිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටයි.


News Articles
Latest Videos
Most Popular Post