News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

සේරුනුවර නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ

1173 Views


සේරුනුවර නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ

සේරුනුවරදී අත්අඩංගුවට ගත් හිටපු එල් ටී ටී සමාජිකයකුගේ නිවසේ තිබී අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා. කිළිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ සේරුනුවර කිළවෙඞ්ඩි පාලම අසළදීයි. එම අවස්ථාවේදී ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක් යුධ හමුදාව භාරයට ගෙන තිබෙනවා.
පසුව ඔහුගෙන් කළ ප‍්‍රශ්ක කිරීම් වලදී හෙළිවු තොරතුරු මත නිවසේ සගවා තිබු අවි ආයුධ තොගයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්බෝම්බ 5 ක් / සී ඳොා් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය / මිලි මීටර් 9 වර්ගයේ සජීව පරොම් 62 ක් / මිලිමීටර් 7 වර්ගයේ සජීව පතරොම් 09 ක් / ටී 46 ගිනි අවියක් හා එම සජීව පතරොම් 154 ක් දුර වදින අර්ධ ස්වයංක ය රයිෆලයක් / මැගසිනයක් / එල්ලටීටීඊ නායක ප‍්‍රභාකරන්ගේ රුව ඇතුලත් කමිස 04 ක් ඇතුලූ උපකණ තොගයක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
සැකකරුගේ 23 හැවිරිදි බිරිද සහ 28 හැවිරිදි කාන්තාවද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. අදාළ සැකකරු ඉදිරි විමර්ශන සදහා ත‍්‍රස්ථ විමර්ශන කොට්ඨාසයට භාර දීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post