News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

කිලිනොච්චියේ දී සුරාබදු ජිප් රථයකට පොලීසියෙන් වෙඩි

752 Views


කිලිනොච්චියේ දී සුරාබදු ජිප් රථයකට පොලීසියෙන් වෙඩි

කිලිනොච්චිය ප‍්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කල ධාවනය කල ජිප් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. පොලීසිය පැවසුවේ ජිප් රථයකින් ගංජා ප‍්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කල බවයි.

කිලිනොච්චිය කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙහෙයුමට එක්ව සිටියා. අදාළ වාහනය නතර කරන්නැයි සංඥා කල පසු පොලිසිය ඊට වෙඩි තබා තිබුනේ පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන්. වෙඩි වැදීමෙන් වාහනයේ ගමන් කල පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඔහු ප‍්‍රතිකාර සදහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කල බවයි පොලීසිය සදහන් කලේ මෙම ජිප් රථයේ ගමන් කර ඇත්තේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිළධාරීන් බවට පසුව අණාවරණය වී තිබෙනවා. තුවාල ලබා ඇත්තේ සුරාබදු ඒකකයට තොරතුරු සපයන පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post